ජාතික ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නිවේදනයක් (වීඩියෝ)

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ දැනුම්දීමක් සිදුකළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ආධාර අනුබල ලැබෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

පසුගිය 19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා තමා වෙත වාර්තාවක් ලබාදුන් බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.