ජනපති සහ හිටපු ජනපති සනත් නිශාන්තගේ නිවසට (ඡායාරූප සහ වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවට ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, සී. බී. රත්නායක, නාමල් රාජපක්ෂ, ඩී වී චානක ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

රාගම ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ඒමට නියමිතයි. අද පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇති.

ආරච්චිකට්ටුවේදී සිදු කෙරෙන අවසන් කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායකයන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතයි.

සනත් නිශාන්තගේ වියෝව සැලවීමෙන් පසු මැති ඇමතිවරුන් රැසක් ඔහුගේ දේහය තැන්පත් කර ඇති රාගම රෝහලට ද අද අලුයම සිට පැමිණ සිටියා.

අනතුරින් අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාද ජීවිතක්ෂයට පත් වී ඇති අතර රියදුරු ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

කටුනායක අධිවේගී මාර්ගයේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී තිබුණේ අද අලුයම 2ට පමණයි.

ඒ කටුනායක සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී. අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස අනතුරට ලක්වූ ජීප් රථය මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ රියදුරු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රිය අනතුරෙන් සිදු වූ තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.

ජීප් රථයේ රියදුරු සුළු තුවාල සහිතව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන සිදු කරනවා.

1975 වසරේ මැයි මස 03 වනදා හලාවත දී උපත ලද සනත් නිශාන්ත පෙරේරා සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නා වුණා.

හලාවත ශාන්ත මරියා පිරිමි විද්යාලයේ ආදි සිසුවකු වූ ඔහු, 1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් මැතිවරණ දේශපාලනයට පිවිසියා.

2004 වසරේ සිට වයඹ පළාත් සභාව නියෝජනය කළ සනත් නිශාන්ත එහි අමාත්‍ය ධුර මෙන්ම ප්‍රධාන අමාත්‍ය ධුරය ද දරා තිබෙනවා.

2015 මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ඔහු ඡන්ද 68,240ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වන ඔහු ඉන් අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වුණා. එවර ඔහු ලබා ගත් මනාප ඡන්දසංඛ්‍යාව 80,082ක්.

මිය යන විට ඒ ඔහු ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙසය කටයුතු කරමින් සිටියා.

නීතිඥවරියක වන චමරි පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටි සනත් නිශාන්ත දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18