ජංගම දුරකථනය කනේ තබාගෙන ගියාට උරණ වී තරුණයාගේ කන කපලා

ජංගම දුරකථනයට ආ ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් ගත් තරුණයෙකුට පහර දී ඔහුගේ කන් පෙත්ත කපා දැමූ සිදුවීමක් මඩොල්සිම, කුරුවිගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා පෙරේදා (09) රාත්‍රියේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් පැමිණි පුද්ගලයෙකු විසින් ඔහුට පහර දී වම කනේ කන් පෙත්ත කපා දමා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි මෙම තරුණයා මැටිගහතැන්න දිසා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දුරකථනය කනේ තබාගෙන යෑමට විරෝධය පළ කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම තරුණයට පහර දී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත පිහියකින් මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ තරුණයාගේ මව විසින් මඩොල්සිම පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනආරම්භ කර තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
5
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?