චිත්‍රපට සංස්ථාවෙන් නික්ම වුණු මාලනියන්ගේ දේහය නිදහස් චතුරස්‍රයට (වීඩියෝ)

මෙරට සිංහල සිනමාවේ රන් සලකුණක් වන් අභාවප්‍රාප්ත නිළි රැජින වන මාලනී සෙනෙහලතා ෆොන්සේකා මහත්මියගේ දේහය මේ වනවිට (26) කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙනවිත් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද පෙරවරු 07.30ට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් එම දේහය අවසන් කටයුතු සිදු කිරීමට නියමිත නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු බවයි.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (25) පෙරවරුවේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහල් පරිශ්‍රයේ තැන්පත් කර තිබුණා.

දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර අද පස්වරු 03 දක්වා මහජන ගෞරවයට ඉඩ සලසා තිබෙනවා.

අද පස්වරු 03ට ආරම්භ කරන ආගමික වතාවත්වලින් අනතුරුව දේහය පිළිබඳව ආදාහන කටයුතු පස්වරුවේ සිදු කිරීමට නියමිත ව ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44