මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර සමනල වැව වේල්ල නැරඹීමට බස් රථ නවතා තිබෙනවා.
එහිදී එක් බස් රථයක පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට සූදානම්ව ජල කාන්දුව අසලට බසින ලද අවස්ථාවේ එක් අයෙකු ජල පහරට හසුව අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව අතුරුදන් වූ සිසුවෙක් සොයා සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමෙන් පසු අතුරුදන් වූ දරුවාගේ මෘත ශරීරය සොයාගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බිබිල, කිරියන්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක සිසුවෙක්.
මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සමනල වැව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










