ප්‍රවීන ගීත නිෂ්පාදකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 80 වැනි වියේ පසුවුණා.
ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් වූ ආනන්ද ගනේගොඩ, ව්‍යාපාර ජාල රැසක සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
1980 වසරේ සිට ඔහු, ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසකගේ ගීත නිෂ්පාදනයට ඔහු නොමද දායකත්වයක් ලබාදෙනු ලැබුවා.
ඔහුගේ මෘතදේහය මේ වන විට ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (27) පස්වරු 6.00ට ගල්කිස්ස සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.













