ගිනිගත් නැවෙන් වන්දි ඉල්ලූ පෙත්සමකට නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් ගොනු කළ නඩුවක් ජූලි මස 26 වන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දෙනු ලැබුවා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරිම පිළිබඳ සලකා බැලීම මීළඟ නඩු දිනයේ සිදුකරන බවයි අධිකරණය සඳහන් කළේ.

ඒ සඳහා අදාළ නඩුව ජුලි මස 26 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත් ධීවරයින්, සංචාරක කර්මාන්ත කරුවන්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 07 කට ආසන්න වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු සමාගම් කීපයක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12