ගම්පහත් වෙඩි පත්තු වෙයි පුද්ගලයෙක් ජීවීතක්ෂයට

අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.