ගනේමුල්ල සංජීවගේ මවගෙන් අධිකරණයට ඉල්ලීමක්

වීරඟුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 24 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ගනේමුල්ල සංජීව නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 24 වනදා කැඳවන ලෙසයි.

ගනේමුල්ල සංජීව නමැත්තා ගේ මව වන එලන්නෝනා මැන්ඩිස් නැමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම පුත්‍රයා මේ වන විට වීරඟුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටින බවයි.

විමර්ශන කටයුතු සඳහා තම පුත්‍රයා වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතට පත් කිරීම තුළින් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන පොලිස් ඒකක වෙත තම පුත්‍රයා මාරු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?