ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට – දිස්ත්‍රික්ක 08කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි, කැලණි, කළු, ගිං, නිල්වල් යන ගංගාවල සහ මා ඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවගෙන් දැඩි අවදානයනේ පසුවන ලෙස ඉල්ලීමක් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර දිස්ත්‍රික් අටක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

‍කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණැගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික් සදහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

එම දිස්ත්‍රික් අට අතුරින් මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනට බලපා ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?