කෝටි 05කට අධික කොකේන් ගිලදමා පැමිණි ගුවන් මගියෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර එවැනි ගුලි 90ක් පමණ ගිලදැමූ විදෙස් ජාතිකයෙකු ඊයේ (13) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 43ක උගන්ඩා ජාතිකයෙක්.
මොහු මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උගන්ඩා රාජ්‍යයේ එන්ටබේ නුවරින් ගිලදමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.

ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ දහවල් වනතුරු ගුවන් තොටුපොළේ පළමු මහළේ රැදී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ගුවන් තොටුපොළ තුළ දී මොහු ගිලදමා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 13ක් පිටතට දමා තිබුණා..

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සහ මෙම උගන්ඩා ජාතිකයා ගිලදමා ඇති ඉතිරි මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04