කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන්ට ලැබුණු නියෝගය

පැලවත්ත ප්‍රදේශයේ නාන තටාකයක් තුල තිබී ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අ’ධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ. පසුගිය දෙවනදා පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලේ නාන තටාකය තුල තිබී සැක කටයුතු ලෙස මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ සිරුර සොයා ගැණුනා.

එම මරණය සම්බන්ධයෙන් පෙරේදා 05 අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ගොතටුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි දෙදෙනෙක්.

වයස අවුරුදු 27ක් වූ එම සැකකරු සහ 23 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය 24ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා.

එම කාලසීමාව අදින් අවසන් වීම හේතුවෙනුයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?