කොළඹ වරායෙන් නැව් නැග ගාලු වරායෙන් අවසන් වූ රට සිහිනය

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු නෞකාවකට හොරෙන් ඇතුළු වී නිතිවිරෝධි ලෙස විදේශගතවිමට උත්සාහ කළ පුද්ගලයින් 04 දෙනෙකු ගාල්ල වරාය ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නෞකාව අද(10) ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදි ඊට හොරෙන් නැගගත් සිව් දෙනා නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී තිබුණා.

අනතුරුව ඔවුන් ගාල්ල වරාය ආගමන විගමන නිලධාරින්ට බාර දුන් අතර ඔවුන් එම සිව් දෙනා ගාල්ල වරාය පොලිසියට භාර දී තිබෙනවා.

අදාල සිව් දෙනා ඉකුත් මස 24 වැනිදා කොළඹ වරායෙන් නැවට ගොඩ වී ඇති අතර එය 25 වැනිදා විදේශ රටක් බලා ගමන් ආරම්භ කර තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පදිංචි අවුරුදු 21ත් 35ත් අතර වයසේ පසුවන සිව් දෙනෙක් වන අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

yoth
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?