2026 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 8.0%ක් ලෙස නොවෙනස්ව පැවති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුවට අනුව පාරිභෝගික උද්ධමන අනුපාතය පසුගිය අගෝස්තු මාසයේදී ද 8.0%ක් ලෙස වාර්තා වී තිබුණා.
මේ අතර 2026 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 8.7% දක්වා වැඩි වී ඇති අතර 2026 අගෝස්තු මාසයේ දී එය වාර්තා වූයේ 8.5% ක් ලෙසයි.
එමෙන්ම, 2026 අගෝස්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 7.7% ලෙස වාර්තා වූ අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී ද එම අගය 7.7%ක් ලෙස නොවෙනස්ව පවතින බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.













