කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්හකය දිනය තුළ ඒකක 421.45කින් හෙවත් 2.09%කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 112.52කින් එනම් 1.97%කින් ඉහළ ගොස් ඇති බවට වාර්තාවෙනවා.

අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒ අනුව ඒකක 20,541.12ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,835.09ක් ලෙසත් ඒ අනුව වාර්තා වී තිබෙනවා.

ඒ අතරම කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අද දින රු. බිලියන 3.86ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂ සිදුවීමක් බවට වෙළෙඳපොළ විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.