කේප්පාපිලවු ග්‍රාමයේ ඉඩම් ගැටළුව විසඳීමට ජනපති මැදිහත් වෙයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා සිටි අතර, එහිදී ඔවුන්ගේ ගැටළුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කළා.

මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසයි.

මීට ප්‍රතිචාර දක්වමින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවයි.

එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ගැටළුවට සවන් දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39