කේප්පාපිලවු ග්‍රාමයේ ඉඩම් ගැටළුව විසඳීමට ජනපති මැදිහත් වෙයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා සිටි අතර, එහිදී ඔවුන්ගේ ගැටළුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කළා.

මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසයි.

මීට ප්‍රතිචාර දක්වමින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවයි.

එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ගැටළුවට සවන් දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40