කුලී රථ රියදුරන් රවටා දේපළ කොල්ල කෑ කල්ලියක් කොටිකාවත්තේ දී අල්ලයි

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් රවටා රැගෙන ගොස් ඔවුන්ගේ මිල මුදල් ඇතුළු වටිනා දේපළ කොල්ලකෑම්වල නිරත වූ කල්ලියක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක කල්ලිය කොටිකාවත්ත, කුඩාබුත්ගමුව ප්‍රදේශයේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු කල්ලියේ අඹු සැමි යුවළක් ද සිටින අතර, එම කාන්තාව තෙමස් ගැබිනියක් බවයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ වයස අවුරුදු 18 හා 22 හැවිරිදි වියේ පසුවන අතර අනෙකුත් සැකකරුවන් 29,30 සහ 39 යන වයස්වල පසුවන්නන්.

පසුගිය මාස දෙකක පමණ කාලයක සිට හංවැල්ල, මුල්ලේරියාව, වැලිකඩ සහ මීගොඩ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් කිහිප දෙනෙක් කොල්ලකෑම් වලට ලක්වූ බවට ලද පැමිණිලි කිහිපයක් මත සිදුකළ විමර්ශන වලදීයි මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

කුලී ගමන් යන මුවාවෙන් අදාළ රියදුරන් රවටා රැගෙන ගොස් හංවැල්ල, ආටිගල, අඹතලේ යන ප්‍රදේශවලදී ඔවුන්ට පහර දී ඔවුන් සන්තකයේ තිබූ වටිනා දෑ මෙම කල්ලිය විසින් කොල්ල කා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස කොල්ලකන ලද සියලු දේපළ තොටලඟ, කොහිලවත්ත හා පිටකොටුව ආදී ප්‍රදේශවලට අඩු මුදලකට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් හංවැල්ල, කොටිකාවත්ත, අම්පාර සහ ඉඟිනියාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන් සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?