කුඩා දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ සිව්දෙනෙකුට වැඩ වරදී

මාලිම්බඩ පොලිස් වසමේ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවෙකු පැහැර ගැනීමට උත්සාහ ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ගම්වාසීන්ගේ සහයෝගය මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 09ක් වන මෙම පිරිමි දරුවා, තම නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී ඉකුත් 31 මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේදී, දරුවාගේ පියා සිය රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් තිබූ අතර, දරුවාගේ මව කාමරයේ ඔහුගේ බාල සහෝදරයාට මව්කිරි ලබා දෙමින් සිට තිබෙනවා.

පැහැර ගැනීමට තැත් කළ මෙම දරුවා උදැසන ආහාරය ගෙන ජලය පානය සඳහා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේ දී, නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී, නිවසේ සැඟව සිට ඇති අතර ඔවුන් දරුවාගේ දෑත් රෙදි කැබැල්ලකින් ගැට ගසා දෑස් බැඳ පැහැරගෙන යාමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාගේ දැඩි ලෙස කෑ ගැසීම නිසා නිවස තුළට පැමිණි පුද්ගලයන් දරුවා දමා පලා ගොස් කැළෑබඳ ප්‍රදේශයක සැඟව ඇති බවයි වාර්තා වන්නේ.

මාලිම්බඩ පොලිසිය සහ ප්‍රදේශවාසීන් රැස්ව ප්‍රදේශය පුරා සෝදිසි කර මෙම සැඟව සිටි සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත්, ඔවුන් පැමිණී ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ⁣සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 30 – 40 අතර වයස්වල පසුවන මාලිම්බඩ, හුලංදාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම මෙම සැකකරුවන් මීට පෙරද විවිධ අපරාධවලට චෝදනා ලැබූවන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වි තිබෙනවා.

සැකකරුවන් මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාලිම්බඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40