කුඩාඔය පාසලේ දරුවන් සහ දෙමාපියන් මාරාන්තික උපවාසයක (ඡායාරූප)

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් මේ වන විට විද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටියි.

අද (22) උදෑසන මෙම උපවාසය ආරම්භ වූ අතර මේ වන විටත් එම උපවාසය සිදු කරමින් පවතී.

කුඩාඔය විද්‍යාලයේ ප්‍රාදේශීය අංශයට පසුගිය වසරේ දී එක ශ්‍රේණිය සඳහා පාසල් දරුවන් බදවාගෙන ඇති අතර එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේ දී පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පවසනවා.

දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන මෙම ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරිය ද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර එම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමුව හොත් මෙම දෙමාපියන් කිලෝමීටර් ගණනක් දුරට වෙනත් පාසලක් සොයා යෑමට සිදු වන බව දෙමාපියන් සදහන් කර සිටිනවා.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටී.

WhatsApp Image 2024 02 22 at 11.08.57
WhatsApp Image 2024 02 22 at 11.08.56 1
WhatsApp Image 2024 02 22 at 11.08.56
WhatsApp Image 2024 02 22 at 11.08.55 1
WhatsApp Image 2024 02 22 at 11.08.55
WhatsApp Image 2024 02 22 at 11.08.54


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17