කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් පිහිටුවීම අනිවාර්යයි – හර්ෂ

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

එම කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ කැසිනෝ සඳහා පළමු වරට මෙලෙස බලපත්‍ර ලබාදෙන බවයි.

ඒ, අනුව මෙම පනතේ නියෝගයන්ට අනුමැතිය ලබා දෙන්නේ නම් එය නියාමනය කිරීම සඳහා ඊට පෙර පනතක් ගෙන ආ යුතු බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබා දී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ, අනුව අදාළ නියාමන ආයතනය ගෙන එන්නේ කවදා ද යන්න දළ වශයෙන් හෝ කමිටුවට දැන්වීම වැදගත් බව ඔහු පැවසුවා.

සාමාන්‍යයෙන් ලෝකයේ කැසිනෝ බලපත්‍ර ලබාදෙන විට නියාමන අධිකාරියක් තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/qZHGHSdk5hA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?