ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස් වීමත් සමඟ, ඉන් පුරප්පාඩු වූ ටෙස්ට් නායකත්වය, ශ්‍රී ලංකා සුදු පන්දුවේ නායකත්වය දරන කුසල් මෙන්ඩිස් හට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා,
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන ක්‍රිකට් ආකෘති තුන සඳහාම කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආකෘති තුන සඳහාම නායකත්වය සඳහා එක් ක්‍රීඩකයෙකු තේරී පත්වූයේ වසර ගණනකට පසු වීම විශේෂත්වයක්.










