කළු ජූලිය විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව මැතිසබයට

1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් යෝජනාවක් අද (03) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක විසින්.

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් විසින් ස්ථිර කරනනු ලැබුවා.

කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් මේං යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.