කළුතර සිසුවියගේ අභිරහස් මරණයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද (26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ ඉකුත් 06 වනදා රාත්‍රියේ වැටී මියගොස් සිටිඋය දී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , සැනසුම 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

දැරිය ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමඟ කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා, තුන්වන සැකකරු වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන 4 වන සැකකරු වන බේරුවල, වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි පුද්ගලයකු මෙලෙස අධිකරණයට රැගෙන ආ සැකකරුවන් සිව්දෙනායි.

මේ අතර අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ නිළධාරීන් ද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට පැමිණ සිටී අයුරු දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57