කළුතර සිසුවියගේ අභිරහස් මරණයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද (26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ ඉකුත් 06 වනදා රාත්‍රියේ වැටී මියගොස් සිටිඋය දී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , සැනසුම 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

දැරිය ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමඟ කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා, තුන්වන සැකකරු වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන 4 වන සැකකරු වන බේරුවල, වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි පුද්ගලයකු මෙලෙස අධිකරණයට රැගෙන ආ සැකකරුවන් සිව්දෙනායි.

මේ අතර අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ නිළධාරීන් ද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට පැමිණ සිටී අයුරු දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
2
+1
1
+1
3
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?