කළුතර පැය හයක මෙහෙයුමකින් 38ක් අත්අඩංගුවට

කළුතර සහ අවට පොලිස්බල ප්‍රදේශවල ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) අලුයම දක්වා පැය 06ක කාලයක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ, කළුතර උතුර, පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, වරෙන්තුකරුවන් 05 දෙනෙක්, විවිධ වංචනික ක්‍රියා සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙකු එම පිරිස අතර සිටිනවා.

එලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කළුතර ප්‍රදේශයේ අපරාධ සහ නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
0
+1
3
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?