කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් තිදෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පන්දෙනිය මහත්මියයි අද මෙම නියෝගය ලබා දුන්නේ.
දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
දකුණු කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගයේ පසුගිය මැයි 6 වනදා රාත්‍රී වැටී මියගොස් සිටියදී සොයා ගත් නාගොඩ පදිංචි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද මෙම සිද්ධියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ දැරිය මිය යාමට අදාළව සිදුකරන පරීක්ෂණවලට සහය දෙන බවත්, මාස දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින 1,2 සහ 5 සැකකරුවන්ට ද ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසටයි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී සඳහන් කළේ සැකකරුවන්ට ඇප ලබා දුන හොත් සාක්ෂි වසන් වීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා .
මෙම නඩුව ලබන 21 වනදා යළි කැඳවීමට නියමිතයි.














WAYASA 19YI. ADI 5 USA NAHE,WALKAME ANANTHAYA. EYI MADHIWATA 16 KELLEK BORU KIYALA GEDARIN PANNAGENA AWITH THAWA EKEKUTA WIKUNALA LU. GANIPU EKA EKIGE THAN HAPALA WADEYI PATAN GANNAKOTA MEKI MA ARAKITA CALL KARALA BACK MAIL KARALA LU. EYI ITA PASSE EKIWA THAWA THAWA EWUNTA WIKUNANNA ONA NISA LU. MUN 199 MEHEMA NAM 29 WENAKOTA ERAGENA INDHIYI PAREYI YANA EWUNTATH KELALA YANNA.