කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් තුනක් යළි රිමාන්ඩ්

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් තිදෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පන්දෙනිය මහත්මියයි අද මෙම නියෝගය ලබා දුන්නේ.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දකුණු කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගයේ පසුගිය මැයි 6 වනදා රාත්‍රී වැටී මියගොස් සිටියදී සොයා ගත් නාගොඩ පදිංචි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද මෙම සිද්ධියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ දැරිය මිය යාමට අදාළව සිදුකරන පරීක්ෂණවලට සහය දෙන බවත්, මාස දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින 1,2 සහ 5 සැකකරුවන්ට ද ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසටයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී සඳහන් කළේ සැකකරුවන්ට ඇප ලබා දුන හොත් සාක්ෂි වසන් වීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා .

මෙම නඩුව ලබන 21 වනදා යළි කැඳවීමට නියමිතයි.

  1. WAYASA 19YI. ADI 5 USA NAHE,WALKAME ANANTHAYA. EYI MADHIWATA 16 KELLEK BORU KIYALA GEDARIN PANNAGENA AWITH THAWA EKEKUTA WIKUNALA LU. GANIPU EKA EKIGE THAN HAPALA WADEYI PATAN GANNAKOTA MEKI MA ARAKITA CALL KARALA BACK MAIL KARALA LU. EYI ITA PASSE EKIWA THAWA THAWA EWUNTA WIKUNANNA ONA NISA LU. MUN 199 MEHEMA NAM 29 WENAKOTA ERAGENA INDHIYI PAREYI YANA EWUNTATH KELALA YANNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25