සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන, මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී අත්අඩංගුවට පත්වූ මොහු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේදී මෙලෙස අත්අඩංගුවට පත්වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.
