කතෝලික සභාව සහ රජය අතර සාකච්ඡාවක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම සහාපතිත්වයෙන් කතෝලික සභාව සමඟ සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත් වුණා.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

කතෝලික සභාව සමඟ පවත්වන සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ එහි ලේකම් ලෙස කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වුණා.

මෙම සාකච්ඡාව ලබාදීම පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට සිය ස්තූතිය ප්‍රකාශ කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා.

කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම තම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන තත්ත්ව නිරාකරණය කර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59