කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් අනිද්දා (19) දිනයේ මහේස්ත්‍රාත්වරියට පැමිණ ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත සිදුකරන පරීක්ෂණවලට අදාළව එම නිල කාමරය මුද්‍රා තබා ඇති බවයි වාර්තා වුණේ.
එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
14
+1
130
+1
19
+1
6
+1
9
+1
20