ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අපේ ආඅණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගම්පහ නගර සභා පිටියේ අද (27) පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එම ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන්කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.
ඒ සඳහා වන කැබ්නට් යෝජනාව හෙට (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.













