Empty Ad
AFC Banner
Empty Ad

උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසකගේ ඉහළ වැටුප් ගැන අධිකරණයෙන් තීන්දුවක්

උපාධිධාරී සමුපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු ව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු උදයකුමාර පැවසුවේ; බී. ඒ. චන්ද්‍රදාස ඇතුළු බස්නාහිර පළාතේ සමුපකාර පරීක්ෂකවරු 150 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.

විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ 1977 වසරින් පසුව සේවයට බඳවාගත් සමූපකාර පරීක්ෂකවරු අතරින් සුළු පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවයි.

ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේන් ගොපල්ලව අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ ලිපිකාර හා සමාන්තර ශ්‍රේණිවල ඌන රැකියාලාභී උපාධිධාරීන්ට අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ අදාළ සමූපකාර පරීක්ෂකවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවන බවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල කියා සිටියේ මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන 12 (1) වගන්තිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව අභියෝගයට ලක් කෙරුණු වැටුප් වැඩි කිරීමෙන් පෙත්සම්කරුවන්ට සිදු වූ අහිතකර බලපෑම සමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත් සභාවේ බලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාධාරණ වෙළෙඳපොළක් තුළ සංවර්ධන අපේක්ෂා ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට JICA සහ JFTC සහාය #jica #JFTC
01:09
Video thumbnail
ජනාධිපති මන්දිරය බැලීමට ආපු පුංචි අමුත්තෝ
04:53
Video thumbnail
රෑ හයෙන් පස්සේ වැඩ කරන්න කාන්තාවෝ බයයි - DV පාර්ලිමේන්තුව දෙවනත් කරයි
06:07
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
08:42:35
Video thumbnail
පන ගහලා නැගිටින පොදුජන එක්සත් පෙරමුණ - මාලිමාවට ඇඩ්‍රස් නැතිවෙයි
07:09
Video thumbnail
කෝපා කමිටුව සැරටම උණුසුම් වෙයි - ආපු රාජ්‍ය නිලධාරීන්ට කට උත්තර නැති වෙයි
28:26
Video thumbnail
වෛද්‍යවරියට නොමනා ක්‍රියාවක් කළ සැකකරු පැය 36න් අපි අල්ලගත්තා
09:03
Video thumbnail
පොඩි මනුස්සයගේ දුක හඳුනන රත්තරං
01:26
Video thumbnail
ජනාධිපති නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ සාකච්ඡාවක
01:04
Video thumbnail
වෛද්‍යවරියගේ සිදුවීමට අල්ලපු කොල්ලා රෙදිවලින් වහලා පොලිසියට ගෙනාපු හැටි මෙන්න
00:51

?