ආණ්ඩුව මුදල් අච්චු ගහන්නෙත් නැතිනම් ණයට ගන්නෙත් නැතිනම් උද්ධමනය වැඩි වෙන්නේ කොහොමදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විමසනවා.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රවි කරණානායක මන්ත්‍රීවරයා, දැන් පොලී අනුපාතය වැඩිවෙලා තියෙන බවත්, මේවා මහ බැංකුවෙන් පුරෝකථනය කරලා සැලසුම් සහගතව සිදුකළ යුතු දේවල් බවට ප්‍රකාශ කරනවා.
ඒ වගේම කලින් ආණ්ඩු වලට මුදල් අච්චු ගහනවා, විදෙස් ණය ගන්නවා කියලා වත්මන් රජයේ ප්‍රධානීන් දෝෂාරෝපණය කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එහෙනමනම් මේ ආණ්ඩුව මුදල් අච්චු ගහන්නෙත් නැතිනම් ණයට ගන්නෙත් නැතිනම් උද්ධමනය වැඩිවෙන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්ණ කරනවා.
ඒ වගේම මේ රජයෙන් දියත්කළ තීරණයක් අනුව වාහන ගෙන්වීම ඉතා හොඳ තීරණයක් බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.










