උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ සාකච්ඡාවක් අද (05) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්රිත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව මෙම ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු ලබා ගනු ලැබුවා.
විශේෂයෙන් ඉන්ධන මිල සහ බඩු මිල ඉහළ යාම නිසා ජනතාවට සිදුව ඇති බලපෑමත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවගේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ අවධානය යොමු වුණා.
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවට පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.
මෙම අවස්ථාවට තහීර් මරික්කාර්, තුරෙයිරාසා රවිකරන්, ජී. ජී. පොන්නම්බලම්, ජී ශ්‍රීනේෂන්, එම්. එස්. යු. ලෙබ්බේ, කේ. කාදර් මස්තාන්, වෛද්‍ය පී සත්‍යලිංගම් සහ හබීබ් රිෆාන් යන විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
