ඉන්ධන මිල සංශෝධනයේ දී වැඩිවන ඉන්ධන මිලෙන් කොටසක් රජය දරනවා – බලශක්ති ඇමති

මේ වනවිට නැවත වරක් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

සෑම මාසයකම අවසානයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව සඳහන් කළ අමාත්‍යවරයා මේ පිළිබඳ තොරතුරු අද දිනයේ මහජනතාව ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මේ මස අවසානයේ සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී සමස්ත බර රටේ ඉන්ධන පාරිභෝගිකයාට ලබානොදී එම බරෙන් කොටසක් රජය විසින් දැරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළා.

“ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියත් මේ සමස්ත බර රටේ පාරිභෝගිකයාට ලබාදෙන්න කටයුතු කරන්නේ නෑ. පහුගිය අප්‍රේල්, මැයි, ජුනිවල ඒ පීඩනයෙන්, බරෙන් කොටසක් රජය ලබාගත්තා වගේ. අපි බලනවා මේ මාසය අවසානයේ ඉන්ධන මිල සමාලෝචනය කරලා කටයුතු කරන්න. අපි හිතනවා මේ සමස්ත බර ඉන්ධන පාරිභෝගිකයාට ලබාදෙන්නේ නැතුව වගකිව යුතු රජයක් විදියට ඒ බරෙන් කොටසක් රජය විසින් දරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්