ඉන්දියාවේ පැවති පළමු වැනි පොදු රාජ්ය මණ්ඩලීය කබඩි ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවයත් සමග රිදී පදක්කමත් , කාන්තා කණ්ඩායම එහි තුන් වන ස්ථානයට හිමි ලෝකඩ පදක්කමත් දිනා ගෙන 11/01 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
මෙම තරගාවලිය පොදු රාජ්ය මණ්ඩලීය රටවල් 13 ක ක්රීඩක ක්රීඩිකාවන් 400 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 10/23 දින සිට 10/31 දින දක්වා ඉන්දියාවේ අහමදාබාද් නුවර පවත්වා තිබුණා..
මෙම ජයග්රහණයන් හිමි කර ගත් ශ්රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 11/01 දින පස්වරු 04.08 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා කබඩි සම්මේලනයේ නිලධාරීන් , ශ්රී ලංකා පොලීසියේ , ත්රිවිධ හමුදා වල ක්රීඩා අංශ වල නිලධාරීවරුන් සහ එම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපියන් , ඥාතීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
