ඉන්දියාවෙන් පැයට කිලෝමීටර් 350ක වේගයෙන් යන Bullet Train එකක්

අධිවේගී දුම්රිය තාක්ෂණයෙන් ස්වයංපෝෂිත වීමේ තවත් පියවරක් තබමින්, පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකට ළඟාවිය හැකි B35 Bullet Train දුම්රියක් දේශීයව සංවර්ධනය කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටිනවා.

විදේශීය තාක්ෂණය මත පවතින යැපීම අවම කරමින් අධිවේගී දුම්රිය තාක්ෂණය රට තුළම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, 2030 වනවිට දේශීය Bullet Train දුම්රිය නිෂ්පාදනය කිරීම ඉන්දියාවේ ඉලක්කයයි. ඊට අවශ්‍ය අධිවේගී දුම්රිය යටිතල පහසුකම් ද සමගාමීව සංවර්ධනය කෙරෙනවා.

මෙම වැඩපිළිවෙළ වේගවත් වී ඇත්තේ ජපානය සිය දැනට පවතින E5 Series අධිවේගී දුම්රිය නිෂ්පාදනය ක්‍රමානුකූලව නතර කිරීමට සැලසුම් කර ඇති පසුබිමකයි. ජපානයේ නව E10 දුම්රිය නිෂ්පාදනය 2030දී ආරම්භ කර 2034 පමණ වනවිට සේවයට එක්කිරීමට අපේක්ෂා කරන බව වාර්තාවේ සඳහන්.

B35 ව්‍යාපෘතියට සමගාමීව ඉන්දියාව B28 අධිවේගී දුම්රිය සංවර්ධනය කිරීම ද ආරම්භ කර තිබෙනවා. Integral Coach Factory – ICF සහ Bharat Earth Movers Limited – BEML එක්ව පැයට කිලෝමීටර් 280ක් දක්වා ධාවනය කළ හැකි දුම්රිය කට්ටල සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදුකරන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව තමන්ගේම Bharat Train Control System – BTCS ද සංවර්ධනය කරමින් සිටින අතර, දුම්රියවල වේගය පාලනය කිරීම, දුම්රිය දෙකක් අතර ආරක්ෂිත පරතරයක් පවත්වා ගැනීම සහ සමස්ත දුම්රිය ආරක්ෂාව වැඩිදියුණු කිරීම එහි අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48