Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇමරිකා ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටී තිබෙනවා.

රොයිටර් පුවත් සේවයට අනුව, හැකර්වරු ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතිය වන ‘ක්ලවුඩ් වන්’ වෙත ඇතුළු වී ඇති අතර, එමඟින් සංවේදී හමුදා සහ පිරිස් තොරතුරු අනාවරණය වීමේ අවධානම පවතින බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කුමන කණ්ඩායම ද ප්‍රහාරයෙන් පසු දත්ත සොරාගැනීමක් සිදුකර ඇතිද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.

‘ක්ලවුඩ් වන්’ ලෙස හැඳින්වෙන මෙම වේදිකාව තුළ, හමුදා පරිපාලනය, පුද්ගල කළමනාකරණය, සැපයුම් කටයුතු සහ උපකරණ නඩත්තුව සඳහා භාවිතා කෙරෙන යෙදුම් පවත්වාගෙන යනු ලබනවා.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම සිදුවීම පිළිබඳව දන්නා පුද්ගලයින් තිදෙනෙකු පවසා ඇත්තේ, ගුවන් හමුදාව විසින් පද්ධතිය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී පසුගිය මාසය තුළ මෙම ආරක්ෂක කඩවීම අනාවරණය වූ බවයි.

එක්සත් ජනපද ගුවන් හමුදාව සඳහා මධ්‍යගත පරිගණක යටිතල පහසුකම් සැපයීම සඳහා ‘ක්ලවුඩ් වන්’ 2017 වසරේ දී පිහිටුවනු ලැබුවා.

එහි මෙහෙයුම් ප්‍රධාන තාක්‍ෂණ සමාගම් හතරක සේවාවන් මත රඳා පවතින අතර Microsoft, Amazon, Oracle සහ Alphabet එම සමාගම් වනවා.