ආසියානු ක්‍රීඩා උළෙලේ දී අභිෂේක් ශර්මා බිඳ දැමූ ක්‍රිස් ගේල්ගේ 20-20 වාර්තාව

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය මේ වනවිට ජපානයේ නිෂින් හිදී පැවැත් වෙනවා.

මෙම තරගයේ දී පාකිස්ථාන පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට ඉන්දීය ආරභක පිතිකරු අභිෂේක් ශර්මා සමත් වුණේ පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 68ක් රැස් කරමින්.

අභිෂේක්ගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 03ක් සහ දැවැන්ත හයේ පහර 07ක් ඇතුළත් වුණා.

අභිෂේක් ශර්මා මෙම තරගයේ දී එල්ල කළ හයේ පහර හතත් සමඟ විස්සයි විස්ස පිටියේ හයේ පහර 400ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, සමඟ ඔහු බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් අභිබවා යමින් විස්සයි විස්ස පිටියේ හයේ පහර 400 සීමාවට වේගයෙන්ම ළඟා වූ ලොව දෙවන පිතිකරුවා බවට පත්වීම විශේෂත්වයක්.

ඒ අනුව අභිෂේක් ශර්මා විස්සයි විස්ස පිටිය තුළ පන්දු 3,513කට මුහුණ දී හයේ පහර 400ක් වාර්තා කර ඇති අතර, ක්‍රිස් ගේල් පන්දු 3,557කට මුහුණ දෙමින් හයේ පහර 400 රැස්කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ වේගයෙන්ම හයේ පහර 400 සීමාවට ළඟා වී ඇති ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් වන අතර ඔහු හයේ පහට 400 සීමාවට ළඟාවීමට මුහුණ දී ඇත්තේ පන්දු 3,027 ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12