ආණ්ඩුව පෙරළන දවස චාමර සම්පත් ජනපතිට කියු හැටි – චාමරගෙන් ජනපතිට උපදෙසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිම සඳහා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා..
ඒ, අවස්ථාවේ ජනාධිපතිවරයා කතාව සිදුකිරිමට පැමිණි අවස්ථාවේ තිරය පිටුපස සිදුවූ සංවාදයක් පිළිබද තොරතුරු වාර්තා වනවා.
මෙහිදි ජනාධිපතිවරයා මාස නම් කරමින් ආණ්ඩු පෙරළන බවට ඇතැම් දේශපාලන නායකයින් සිදුකරන ප්‍රකාශ පිළිබද සදහනක් කර ඇති අතර, එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ
“දැන්ම ආණ්ඩු පෙරළන්න වුමනාවක් නෑ ජනාධිපතිතුමා අපි ඒක ටිකක් පස්සට දැම්මා 2027 තමයි පෙරළන්නේ” යනුවෙනි.

ඊට ජනාධිපතිවරයා සිනහවකින් ප්‍රතිචාර දැක් වූ මොහොතේ යළි කතාව ඇරඹු චාමර මන්ත්‍රීවරයා “හැබැයි ජනාධිපතිතුමා ඔබතුමාගේ ඇමතිවරුන්ගේ කට වැහුවේ නැත්නම් නම් ඊට කළින් ආණ්ඩුව පෙරළයි” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදි ඔහු ගුවන් සමාගමේ විවිධ වැඩකටයුතු කරගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවට තමාට වාර්තා වී ඇති තොරතුරක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවදානය යොමුකර ඇති බව සදහන්.

එමෙන්ම යෞවන සමාජ පිහිටුවීමේ ක්‍රමවේදයට අදාළව ඊයේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති අතර එහිදි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පොලිසියට හිටියා කට්ටිය නෑ යනුවෙනුයි.

එහිදි යළිත් චාමර සම්පත් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මේක නම් විපක්ෂේ නෙමෙයි ඔබතුමාලාගෙම අය කරන වැඩ නිසා ඇති වුණ විරෝධතා බවයි.

ජනාධිපතිවරයා එහිදි පිළිතුරක් නොදි යම් සංඥාවක් සිදුකළ බවයි විපක්ෂයේ මේක අහන් හිටපු මන්ත්‍රීවරුන් නම් පවසන්නේ.

  1. ආණ්ඩුව පෙරලෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ,කයිවාරුව,බොරුව,උද්දච්චකම සහ තර්ජනය නිසා,මේ සැරේ නම් ජනතාව 160 ට එක මිටට දඩුවම් දෙන බවත් ලියා ගන්න,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04