Fly high Get bonus Aviator Phone

අහුන්ගල්ලේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ (වීඩියෝ)

අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (08) රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබිය දී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (10) පෙරවරුවේ එම යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේ දී ඊට ගිනි තබා තිබූ බවයි කොස්ගොඩ පොලිසිය පැවසුවේ.

පෙරේදා සිදු වූ අපරාධය සඳහා වෙඩික්කරුවන් විසින් මෙම යතුරුපැදිය යොදාගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදීෂ් කුමාර ආබෲ හෙවත් ‘බබා’ යන පුද්ගලයාගේ පියා මෙහිදී ඝාතනයට ලක් වුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඔහුගේ නිවස ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකරන අයුරු සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති අතර, පොලිසිය සැක පල කරන්නේ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ මාමා වන ජෝතිමුණි නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නමැත්තා අහුංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?