අහුන්ගල්ලේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ (වීඩියෝ)

අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (08) රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබිය දී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (10) පෙරවරුවේ එම යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේ දී ඊට ගිනි තබා තිබූ බවයි කොස්ගොඩ පොලිසිය පැවසුවේ.

පෙරේදා සිදු වූ අපරාධය සඳහා වෙඩික්කරුවන් විසින් මෙම යතුරුපැදිය යොදාගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදීෂ් කුමාර ආබෲ හෙවත් ‘බබා’ යන පුද්ගලයාගේ පියා මෙහිදී ඝාතනයට ලක් වුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඔහුගේ නිවස ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකරන අයුරු සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති අතර, පොලිසිය සැක පල කරන්නේ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ මාමා වන ජෝතිමුණි නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නමැත්තා අහුංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53