spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභිරහස් ලෙස සිව් හැවිරිදි දියණිය නිදි යහනේම මිය යයි

නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් ඊයේ දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වන පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියකි.ෙ දැරිය සුපුරුදු පරිදි මව සමග  කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේදී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය කියයි.

මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනි කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට දැනුම් දී ඇත .

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද 12 හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුසුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදු ඉදිරියේ සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
0
+1
2
+1
41
+1
9
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?