අනෝජන් වෙනුවෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනය සකසා අවසන්

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටින අනෝජන් සිවරාසා වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන අභියාචනය නීති කණ්ඩායම විසින් සකස් කර අවසන්කර තිබෙනවා.

ඒ, අනුව අදාළ අභියාචනය කඩිනමින් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වුණේ.

ඉස්ලාම් දහමට අපහාසයක් වන ආකාරයෙන් සමාජ මාධ්‍යයෙහි අදහස් පළ කළ බවට චෝදනා එක්ක වූ අනෝජන් සිවරාසාට සෞදි අරාබියේ අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.