අනෝජන් මරණ දඬුවමෙන් මුදවා ගැනීමට මාලදිවයින් හිටපු ජනපති නෂීඩ්ගේ සහාය

සමාජ මාධ්‍ය අදහස් පළ කිරීමක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසා මරණ දඬුවමෙන් මුදවාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම සෞදි අරාබියට යැවීමට රජය තීරණය කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
 
මේ අතර අනෝජන් මුදවා ගැනීම වෙනුවෙන් ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන නීතීඥයින් දෙපළ අද (23) දහවල් මාලදිවයිනේදී, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් හමුවී, සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
 
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මොහොමඩ් නෂීඩ් පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජයට බරපතල ප්‍රකාශයක් වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන් ඔහු පිළිබඳව මානුෂීයව පෙනී සිටින බවයි.

එමෙන්ම ඔහුගේ ජීවිතය ගලවාගැනීම සඳහා තමාගෙන් දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබෙනවා.