spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුලු 22ක් නිදොස් කොට නිදහස්

2010 වසරේ කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අභියස උද්ඝෝෂණයක් සිදු කර එහි දේපළවලට අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22ක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් නොවූ බවයි.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

2010 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කර එහි දේපළවලට අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 කට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?