දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.
අද (07) පස්වරු 05.00 සිට හෙට (08) දිනයේ පස්වරු 01.00 දක්වා වලංගු වන පරිදි, අධික වර්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මේ බව පවසනවා.
ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


