අදත් පළාත් 05 ක රෝහල්වල වෛද්‍යවරු වැඩ නැහැ(ඡායාරූප)

අද දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරණ බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

ඊයේ රාත්‍රියේ වෘත්තීය සමිති ජනාධිපති කාර්යාලයට සාකච්ඡාවකට කැඳවා තිබුණත් ජනාධිපතිවරයා ඊට සහභාගි වී නැහැ.

එහෙත් අද දිනය තුළ සිය ගැටළුවලට විසදුමක් ලබාදෙන බවට එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් දැනුම් දුන් බව වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.

එප්පාවල ප්‍රාදේශීය රෝහලට පැමිණි රෝගීන් හා සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් වර්ජනය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටි අන්දම ඡායාරූප වලින් දැක්වේ.

ETU
opd 5
opd 4
opd
opd 2
opd 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?