WTO හි ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ඇරඹෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ (15) දින ආරම්භ වී තිබෙනවා.

මෙම සැසිවාරය ඔක්තෝබර් 17 දින දක්වා පැවැත්වෙන අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබුණා.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි. එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ද වනවා.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉස්මතු කරන ලද අතර ජනතාව විඳ දරාගත් දුෂ්කරතා මධ්‍යයේ, 2024 නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව නව රජයේ පාලනය යටතේ දියත් කරන ලද, රට නැවත ගොඩ නැගීමේ උපාය මාර්ග පිළිබඳව ද ලෝක වෙළෙඳ සංවිධානයේ සාමජිකයින් දැනුවත්කර තිබෙනවා.

ඒ අනුව IMF සහාය ඇතිව සාර්ව ආර්ථික ස්ථායීකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය, ණය තිරසරු භාවයේ නව්‍ය උත්සහයන්, වෙළෙඳ පරිපාලනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ලබා ගත් සාර්තකත්වය පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන්නා.

වෙළෙඳාම සහ ආයෝජන ශ්‍රී ලංකාවේ දිගුකාලීන පරිවර්තනයේ කේන්ද්‍රය බව අවධාරණය කළ අමාත්‍යවරයා “කුඩා ආනයන මත යැපෙන ආර්ථිකයක සිට ස්මාර්ට්, අපනයන නැඹුරු ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අපට අවශ්‍යයි.” මේ සඳහා, රජය ජාතික තීරුබදු ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරමින්, ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා රේගු කටයුතු නව්‍යකරණය කරමින්, ජාතික පොදු ප්‍රවේශයක් හඳුන්වා දෙමින් සහ නව ආයෝජන ප්‍රවර්ධන නීති සංවර්ධනය කරමින් සිටින බවද සඳහන් කළා.

APTA සහ SAFTA වැනි ගිවිසුම් හරහා නව වෙළෙඳ අවස්ථා ගවේෂණය කිරීමත් සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්ථානය සමඟ පවතින කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බවටත් තහවුරුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් වෙළෙඳ හවුල්කරුවන්, කලාපීය හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව WTO හි නීති සහ රෙගුලාසි සමඟ ඇති එකගතාව පිළිබඳව සහතික වූ අතර, ලෝක වෙළෙඳ සංවිධානය (WTO), එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය කවුන්සිලය (UNCTAD), ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය (ITC), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව ඇතුළු හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කෘතඥතාවය පළ කරන ලදි. ලෝක වෙළෙඳ සංවිධානයෙහි (WTO) ගිවිසුම්වල අනුකූලතාව, විනිවිදභාවය සහ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඇති සූදානම ද අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණයකර තිබෙනවා.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

ඒ අනුව වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය ලබන 17 වන දින පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ;ලබනවා.

මීට අමතරව ඔකතෝබර් 16 වන දින වෙළෙඳ අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ලෝක ආර්ථික කවුන්සිලයේ ප්‍රධානීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා සමගින් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

  1. Point of contact නැතුව මොන මගුලකටද සමුළුවට ගියේ ? වඩේ අසාර්ථකයිනෙ..
    වඩේ චාමරයට ඔච්චර බයවෙන්න එපා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57