WTC අවසන් මහා තරගය අද පස්වරුවේ ලෝඩ්ස් හි දී

2023/25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පස්වරු 03ට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

ඒ වත්මන් ටෙස්ට් ශූර ඔස්ට්‍රෙලියාවට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අවස්ථා දෙකක දී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවේදීම ලෝක ටෙස්ට් ශූරතාව තමන් සතු කරගන්නට සමත් වුණා.

ඒ 2021/23 වර්ෂයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

දෙවැනි වරටත් අද දිනයේ දී ඔස්ට්‍රෙලියාව සිය ටෙස්ට් බල ආධිපත්‍යය පතුරුවාලීම අරමුණු කරගනිමින්; පළමු වරට ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරග වදිනු ඇති.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගැනීමේ දී දකුණු අප්‍රිකාව තමන්ට හිමි වූ තරග 12න් තරග 08ක් දිනා 03ක් පමණක් පරාජයට පත් වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තා.

ඒ 69.44% ක ප්‍රතිශතාත්මක වර්ධනීය තත්ත්වයක් ද සමගින්.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම තරග 19කින් 13ක් ම ජයගෙන දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වුණා.

ඒ සිය තරග ජය ගැනීමේ දක්ෂතාව සියයට 67.54ක් රඳවා ගනිමින්.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක දී අද පැට් කමින්ස්ගේ සහ ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතුව ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මහා ටෙස්ට් තරගයේ දී සම්මුඛ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39