ලොව පළමු විදුලි ගුවන් යානය පියාසර කිරීමට සූදානම්

සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

“ඇලිස්” ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්. විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීම ප්‍රමාණවත්වීම විශේෂත්වයක් වනවා. මගීන් නව දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ද සමඟ පැයයි විනාඩි 40 ක පියාසැරියකට එය ප්‍රමාණවත්.

මේ වන විට පියාසර කරන බෝයිං 737 වැනි ගුවන් යානයක වේගය පැයට සැතපුම් 588 ක් වුවද මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287 ක්. ඊශ්‍රායල් සමාගමේ සැලසුම වන්නේ මගීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීමටයි.

මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස අදියර දෙකකින් මෙය සංවර්ධන කිරීමටයි නියමිතව ඇත්තේ. මෙමගින් රැගෙන යා හැකි බර කිලෝග්‍රෑම් 386 ක්. ගුවන් යානයේ නිෂ්පාදිත ඊශ්‍රායල් සමාගම පවසන්නේ සෙසු වාණිජ ගුවන්යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැයට වඩා මෙම විද්‍යුත් ගුවන් යානයේ පිරිවැය සියයට 70 කින් පමණ අඩු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42