spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ මංගල උත්සව පැවැත්වීමට ගැන රජය ගත් තීරණය

අද මධ්‍යම රාත්‍රීයේ සිට මින් පෙර පනවා තිබූ මාර්ගෝපදේශ වලින් කිහිපයක් ලිහිල් කිරීමට නියමිතයි.

පසුගිය මාසයේ (එනම් අගෝස්තු 20වන දින සිට ඔක්තෝබර් 01 වන දින දක්වා) රටටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය (ඔක්තෝබර්) පළමුවැනිදා ඉවත් කෙරුණා.

එතැන් සිට ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන සඳහන් මාර්ගෝපදේශයක් නිකුත් කෙරුණේ ඔක්තෝබර් පළමුවැනිදායි.

එහි සඳහන් පරිදි යම් යම් සීමාවන් ඔක්තෝබර් 15 වන දින සිට වෙනස් වනු ලබන අතර ඒවා ඔක්තෝබර් 30 වන දින දක්වා වලංගුව පවතිනු ඇති.

කෙසේ වෙතත් එසේ වෙනස් වන මාර්ගෝපදේශයන් අතර විවාහ මංගල උත්සව සඳහාද යම් යම් සීමාවන්ට යටත්ව අවසර ලබා දීමට නියමිතයි.

එමඟින් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ධාරිතාවයෙන් 25% ලෙස උපරිමය 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි කර ගනිමින් මර්ගොපදේශයන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර හිමිවීමට නියමිතව තිබෙනවා.

එසේම පහත සඳහන් පරිදි තවත් සීමාවන් කිහිපයක්ම ලිහිල් කිරීමක් සිදුවනු ඇති බවටයි මින් පෙර නිකුත් කෙරුණු මාර්ගෝපදේශයේ සඳහන් ව තිබුණේ.

කෙසේ වෙතත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කෙළේ මේ පිළිබඳ අවසන් තීරණය අද රැස්වීමට නියමිත කොවිඩ් මර්ධන කමිටුවේදී ගැනීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?